සිවිල් වැසියන් ඝාතන චෝදනාවකට හමුදා සෙබලුන් 5ක් රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 27 September 2016 - 11:16

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
1998 වසරේදී යාපනය - අච්චුවේලි ප්‍රදේශයේදී සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් යුද හමුදා සෙබලුන් 5 දෙනෙකු ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

යාපනය දිසා විනිසුරු එස්. සදිශ්කරන් හමුවේ ඊයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා සෙබලූන් 11 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ඔවුන්ට ද ලබන ඔක්තෝම්බර් 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින්.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය අච්චුවේලි පොලීසියේ යොදා තිබූ පැමිණිල්ලක් අනුව නීතිපති උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.

එහිදී සෙබලුන් 16 දෙනෙකුට නොතීසි නිකුත් කළ අතර, ඉන් යුද හමුදා සෙබලුන් 5 දෙනෙකු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.