ගෘහ සේවිකාවක් ලෙස කුවේට් ගිය නොච්චියාගම දෙදරු මවට වූ දේ

Tuesday, 27 September 2016 - 11:44

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
මීට වසර දෙකකට ඉහතදී ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රාජ්‍ය බලා පිටත් වූ නොච්චියාගම කොකුන්නෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින අසරණ වූ පවුලක් පිළිබඳ වාර්තාවනවා.

ඥාතීන් පවසන්නේ ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් ඇයට විවිධ වධහිංසා පමුණුවා ඇති බවයි.

28 හැවිරිදි දෙදරු මවක් වන සුජානි රාජපක්ෂ ගෘහ සේවය බලා විදෙස් ගත වී තිබුණේ 2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීයි.

ඒ ඔවුන් පසුවූ දැඩි දිළිඳු තත්ත්වයට විසඳුමක් සොයමින්.

කෙසේ වෙතත්, 2015 වර්ෂයේ ජුනී මාසයෙන් පසුව ඇය නිවසට දුරකථන ඇමතුමක්වත් නොදුන් බව ඥාතීන් පවසනවා.

සුජානි රාජපක්ෂ සේවය කළ නිවසේ හාම්පුතා විසින් ඇයට හිරිහැර කර ඇති බවට චෝදනා නගන ඥාතීන් පවසන්නේ ඇය විදෙස් ගත කළ විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් ද මේ පිළිබඳ සහනයක් නොලැබුණු බවයි.