රිය අනතුර හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක රමිත්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

Tuesday, 27 September 2016 - 12:26

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු චන්දන කලංසූරිය අද නියෝග කළා.

පසුගිය සඳුදා කුරුදුවත්ත පොලිසිය මොහු අත්අඩංගුවට ගත්තේ වේගය පාලනය කර ගත නොහැකිව ඔහු පැදවූ මෝටර් රථය නිදහස මාවත අසල ගසක ගැටීමෙන් පසුවයි.

කෙසේ වෙතත් අද දිනයේ කුරුදු වත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ චෝදනා 05ක් යටතේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව නඩු පවරන බවයි.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වලක්වා නොගැනීම, බීමත්ව රිය ධාවනය, ලියාපදිංචි නොකරන ලද මෝටර් රථයක් පැදවීම සහ ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කිරීම මොහුට විරුද්ධව එල්ල කර ඇති චෝදනායි.

මෙම චෝදනාවලින් පළමු චෝදනා සඳහා තමන් වරදකරු ලෙස පිලිගන්නා බවත් අනෙත් චෝදනා සඳහා තමන් නිවැරදිකරු බවටත් රමිත් රඹුක්වැල්ල මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුව ඔක්තොම්බර් මස 18 වැනිදා යලි කැදවනු ඇති.