වසර හතකට පසු ගොඩගත් ලසන්තගේ සිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත

Tuesday, 27 September 2016 - 18:05

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB++%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
අධිකරණ නියෝගයකට අනුව වසර හතකට පසු ගොඩගනු ලැබූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය වෙත අද රැගෙන යනු ලැබුවා.

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීමේ කටයුතු අද පෙරවරු 8.30 ට පමණ ආරම්භ කළා.

මෙම ඝාතනයට අදාලව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී ඇති බවයි.

රජයේ රස පරීක්ෂකවරයා, අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කළ මරණ පරීක්ෂණ වාර්තාද ඊට ඇතුළත්.

ලසන්ත වික්‍රමතුංගට වෙඩි වැදීමක් සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ හැර සෙසු වාර්තාවල සඳහන් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මීට පෙර කියා සිටියා.

ඒ හේතුවෙනුයි නීතිපතිවරයාගේ උපදෙස් අනුව දැනට මිහිදන් කර ඇති ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩගෙන විශේෂිත අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා නැවත මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණයෙන් අවසර හිමිවුණේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් සහ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දේහය ගොඩගත් අතර, අද උදෑසන සිටම බොරැල්ල පොදු සුසාන භූමිය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.

අදාළ අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුලූවීමට පොලීසිය අවසර ලබාදුන්නේ නැහැ.

සිය නිවසේ සිට කාර්යාලය බලා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්තිඩිය - කව්ඩාන මාර්ගයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස අටවනදායි.