රණවිරුවාට ලක්ෂ 20 දෙන්න සම්මාදමේ ගිය පිරිස දෙකට බෙදේ

Tuesday, 27 September 2016 - 18:15

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%9A
විශ්‍රාමික මේජර් විමල් වික්‍රමගේ වෙනුවෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයට එක්වූ පාර්ශවයන් අතර මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් මතුවී තිබෙනවා.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලට රුපියල් ලක්ෂ විස්සක් වන්දි වශයෙන් ගෙවන ලෙසට  හිටපු මේජර්වරයාට අධිකරණයෙන් නියෝග කළ අතර, ඒ අනුව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල  ගුණවර්ධන ඇතුලූ පිරිසක්ද ස්ථාන කිහිපයකදී මුදල් එකතු කළා.

කෙසේ වෙතත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද  පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට දැඩි චෝදනාවක් එල්ල කළා.

ඒ, තමන් ආරම්භ කළ ව්‍යාපාරය ඔහුගේ කටයුත්තක් ලෙස හුවා දක්වමින් එම මුදල් ප්‍රදානය  කිරීමට සූදානම් වන බවටයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.  

එහෙත් ඊට පිළිතුරු ලබාදුන් ඔහු කියා සිටියේ ඒ පිළිබඳව වෙනත් දිනයක ප්‍රකාශයක් කරන බවයි.