රජරට රැජින තුන් තැනකදී වෙන් වෙයි

Tuesday, 27 September 2016 - 18:18

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වවුනියාවේ සිට මාතර බලා ධාවනය වූ රජරට රැජින සීග්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් අවස්ථා තුනකදී ගැළවී ගොස් ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තාවුණා.

අද පෙරවරුවේ පොල්ගහවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර තලවත්තේගෙදර ප්‍රදේශයේදී පළමුව දුම්රිය මැදිරි දෙකක් ගැළවී ගොස් තිබෙනවා.

එය යළි සම්බන්ධ කර දුම්රිය ධාවනය වී ඇති අතර, අනතුරුව රාගම දුම්රිය ස්ථානයේදීද එය නැවත ගැළවී ගොස් ඇති බව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පසුව කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයේදීද එම දුම්රිය මැදිරි නැවත ගැළවී ගොස් ඇති අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසු මැදිරි මාරු කර දුම්රිය මාතර බලා ධාවනය කරවීමට පියවර ගත් බවයි පාලක මැදිරිය සඳහන් කළේ.