වැලිවේරිය වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Wednesday, 28 September 2016 - 7:08

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැලිවේරිය - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පොල් වත්තක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස මිය ගියේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

මොහු හොර රහසේ පොල් කැඞීම සඳහා වත්තට පැමිණි අවස්ථාවේදී එහි මුරකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කළා.

ඝාතනය සිදුකළ 63 හැවිරිදි පොල්වත්තේ මුරකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.