ශ්‍රී ලංකාවේ ණය බර අවම කරන්න ලොව ප්‍රබල රටවල් හතරක සහය

Wednesday, 28 September 2016 - 7:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ණය බර අවම කිරීම සඳහා මැදිහත්වන බව ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ, අදාළ රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ සිදුකළ සාකච්ඡාවකදියි.

මේ වනවිට මෙරට ණය ප්‍රමාණය රුපියල් බිලියන 8500 ක් පමණ වන අතර ඉන් සියයට 42 ක් විදේශ ණය ලෙස සටහන් වනවා.

එම ණය බරෙන් මිදීම සඳහා පොලී අනුපාත අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවුණා.

අඩු පොලී සහන ණය ලබාගැනීම සඳහා ලෝක බැංකුවට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස සාකච්ඡාවේදී විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, ඊට ඔවුන් එකඟත්වය පළ කළ බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරියද එක්ව සිටියා.