රවී සහ රේගුව අතර සාකච්ඡා සාර්ථකයි

Wednesday, 28 September 2016 - 7:37

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
මුදල් අමාත්‍ය රවී කරුණානායක සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව ඉතා සාර්ථක බව රේගු වෘත්තිය සමිති  සන්ධානය පවසනවා.

තම ඉල්ලීම් සඳහා මුදල් අමාත්‍යවරයා සිය අනුමැතියද ලබාදුන් බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය එන්.එස්. කුමානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් යෝජිත නව රේගු පනතට විරෝධය පළ කරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය පසුගිය සඳුදා අවසන් කෙරුණා.

ඒ, ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟයි.  

කෙසේ වෙතත් දින 5 ක් පුරා පැවති රේගු වෘත්තිය සමිති වර්ජනය හේතුවෙන් රේගු සටහන්කර 2000 ක් පමණ ප්‍රමාද වූ බවද වාර්තාවුණා.