ශ්‍රී ලාංකිකයන් යනු දක්ෂ පිරිසක් - ජනපති

Wednesday, 28 September 2016 - 7:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලාංකිකයන් යනු දක්ෂ, උගත්, බුද්ධිමත් පිරිසක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඉදිකරන ලද NSBM හරිත සරසවියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දකුණු ආසියාවේ පිහිටි එකම හරිත සරසවිය ලෙසයි මෙය හැදින්වෙන්නේ.

නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ ඉදිකරන හරිත සරසවිය අක්කර 26ක භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින අතර ඒ සඳහා රුපියල් බිලියන 10.2 ක මුදලක් වැය වනවා.

මෙම සරසවිය පරිඝනක, කළමනාකරණ සහ ඉංජිනේරු පීඨවලින් සමන්විත වන අතර එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකියි.