ETCA ගැන ඉන්දියානු ස්ථාවරය

Wednesday, 28 September 2016 - 8:12

ETCA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA
කාලරාමුව පිළිබඳ පීඩනයකින් තොරව එට්කා ගිවිසුමට අදාළ සියලූ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බව වෙළඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ එට්කා ගිවිසුම දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීමට ලැබෙන විශාල අවස්ථාවක් බවයි.

පසුගියදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වෙළඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ වාණිජ මණ්ඩල සාමාජිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශව රැසක් සමඟ යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, යෝජිත එට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක ජාතික නිදහස් පෙරමුණ ඊයේ නිරත වුණා.