ඊශ්‍රායල හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මිය යයි

Wednesday, 28 September 2016 - 8:59

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලයේ හිටපු ජනාධිපති ෂිමොන් පෙරෙස් අද උදෑසන මිය ගොස් තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන විට 93 වන වියේ පසුවුණා.

මොහු ජනාධිපති ධුරයට අමතරව අවස්ථා දෙකකදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය ඇති කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් මොහු 1994 වසරේ නොබෙල් සාම ත්‍යාගය ද හිමි කර ගත්තා.