මැක්කන් නිසා හැටන් පාසලක ශ්‍රේණි 3ක් වසයි

Wednesday, 28 September 2016 - 9:03

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
මැක්කන් බෝවීම හේතුවෙන් හැටන් - ශාන්ත ගේ‍්‍රබ්‍රියල් බාලිකා විද්‍යාලයේ පළමු, දෙවන සහ 5 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කිරීමට හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා.

එම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් පාසල තුළ ව්‍යාප්ත වී සිටින මැක්කන් සපා කෑම නිසා අසාත්මිකතාවලට ලක්වීම හේතුවෙනුයි මෙලෙස ඊයේ සිට අදාළ ශ්‍රේණිවල ඉගැන්වීමේ කටයුතු නවතා දමා ඇත්තේ.

මෙම පන්ති පිහිටි ගොඩනැගිල්ල පිරිසිදු කිරීමේ කටයුතු අද පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙනවා.