ගලේවෙල දී රිය අනතුරකින් පොලීසියේ තුන්දෙනෙකුට තුවාල

Wednesday, 28 September 2016 - 10:25

%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දඹුල්ල - ගලේවෙල - තොලඹුගොල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

එම මාර්ගයේ මුර සංචාරයේ නිරතව සිටි ගලේවෙල පොලීසියට අනුයුක්තව සේවය කරන තුන්දෙනෙකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් ඔවුන් තුවාල ලැබූ අතර, පසුව ඔවුන් ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.