හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ඇප

Wednesday, 28 September 2016 - 11:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන මේජර් නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා.

ඒ් ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිය වත්කම්, බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවට මොහුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05ක් ගොනු කර තිබුණා.

ඒ අනුව එක් නඩුවකට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහු නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

මෙම නඩුව ජනවාරි මස 13 වැනිදා යලි කැදවනු ඇති.