යෝෂිතට විදේශ ගතවීමට අවසර

Wednesday, 28 September 2016 - 12:55

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
තමන්ට විදෙස් ගතවීමට අවසර ඉල්ලා CSN නාලිකාව සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු වන යෝෂිත රාජපක්ෂ කර තිබූ ඉල්ලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව අද (27) අවසර ලබාදුන්නා.

ඒ අනුව  යෝෂිත රාජපක්ෂට මාසයක කාලයකට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ එම අධිකරණය භාරයේ පවතින යෝෂිත රාජපක්ෂගේ ගුවන් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසයි.

එහිදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ගුවන් ගමන් බලපත්‍රය මුදාහැරීමටයි  විනිසුරුවරයා නියෝග කළේ.

තමන්ගේ දණහිසේ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මසක කාලයකට  ඕස්ට්‍රේලියාවට යාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබුණා.