රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ද වැදගත් - ජනපති

Wednesday, 28 September 2016 - 13:16

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රජයේ තොරතුරු දැන ගන්නවා සේම සියලු දෙනාටම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ද වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
 
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී අද (27) ආරම්භ වූ තොරතුරු දැන ගැනීම පිළිබඳ අන්තර් ජාතික සම්මේලනයට එක්වෙමින්.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය ද එක්ව සිටි අතර, එහි ප්‍රධාන දේශනය ඉන්දියාවේ - දිල්ලි සහ චෙන්නායි මහාධිකරණවල හිටපු ප්‍රධාන විනිසුරු මෙන්ම ඉන්දියානු නීති කොමිසමේ හිටපු සභාපති අජිත් ප්‍රකාශ් ෂා විසින් සිදුකළේය.