වෛද්‍ය සංගමය අද ජනපති හමුවේ

Wednesday, 28 September 2016 - 13:39

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වෛද්‍යවරුන්ගේ් දරුවන් රජයේ පාසල් වෙත ඇතුලත් කිරීමේදී මතු වි තිබෙන ගැටඵ පිළිබදව සාකච්ඡා කිරිම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණ ගැසෙනවා.

පස්වරු 6 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම සකච්ඡාවට තම සංගමයේ විධායක සභිකයින් සහභාගි වන බවයි එම සංගමයේ  සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේ.

මෙහිදී පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය ඇතුලත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.