සජින් වාස්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කරයි

Wednesday, 28 September 2016 - 13:40

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රජයේ වාහන අවභාවිත කළැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අද නියෝග කළා.

ඇප කොන්දේසියක් ලෙස සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස තමාට කර ඇති නියෝගය ඉවත් කරන ලෙසට සජින් වාස් ගුණවර්ධන මෝසමක් මඟින් පසුගියදා ඉල්ලා තිබුණා.

එම මෝසම අද සලකා බැලූණු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා ඇප කොන්දේසි ලිහිල් කරමින් සජින් වාස්ට නියෝග කළේ මාස තුනකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටයි.