විස්සයි විස්සේ පෙරළියකට ජවිපෙන් පෙරමුණක්

Wednesday, 28 September 2016 - 18:20

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
2020 මහ මැතිවරණයේදී කරට කර සටනක් දී ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවන බව එම පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

අම්පාර - ලාහුගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊට අවශ්‍ය ජනබලය ගොඩනැගීමට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

පෙරළිය වෙනුවෙන් පෙරමුණු ගොඩනැගීම එහි අරමුණ බව ඔහු සඳහන් කළා.