වැලිපැන්නේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට - තවත් තුන්දෙනෙකුට තුවාල

Thursday, 29 September 2016 - 7:58

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මතුගම - වැලිපැන්න හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  

වැලිපැන්න පොලීසිය සඳහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතරදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ  මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක කාන්තාවක්.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ තවත් කුඩා ළමයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොවුන් ඥාතීන් වන අතර, වෙඩි තැබීමේ ඉලක්කය වී ඇත්තේ වෙනත් පුද්ගලයෙක්.  

මෙම වෙඩි තැබීම පාතාල සාමාජිකයන් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක කරන බවද පොලීසිය සඳහන් කළා.