මැණික් තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

Thursday, 29 September 2016 - 9:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැණික් තොගයක් නීතිවිරෝධීව හොංකොං බලා රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 11ට පමණ කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් හොංකොං බලා පිටත්ව යාමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම කාන්තාවගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස මැණික් තොගය සඟවාගෙන සිට ඇති බව සඳහන්.

මීට අමතරව මැණික් හඳුනාගැනීමේ උපකරණ තොගයක්ද ඇය සතුව තිබී රේගුව භාරයට ගෙන තිබෙනවා.