Update : වැඩි වැටුප් ඉල්ලා වතු කම්කරුවන් තුන්වන දිනටත් විරෝධතාවයේ

Thursday, 29 September 2016 - 11:02

Update+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
රුපියල් 650ක් පමණ වන තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් කඳුකරයේ ප්‍රදේශ රැසක වතු කම්කරුවන් අද තුන්වන දිනටත් විරෝධතාවයේ නිතර වනවා.

හැටන් - දික්ඔය, මස්කෙළිය, බගවන්තලාව, කාසල්රී, නුවරඑළිය සහ ගලහ යන ප්‍රදේශවල වතු කම්කරුවන් අද උදෑසන අටේ සිට 11 දක්වා පැය තුනක කාලයක් විරෝධතාවයේ නිරත වුණා.

ඊට අමතරව වතු කිහිපයක කම්කරුවන් වර්ජනයක් ද ක්‍රියාත්මකයි.

නුවරඑලිය - ලබුකැලේ ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් නුවරඑළිය - මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.  

වතු කම්කරුවෙකුගේ වැටුප ඉහල දමන සාමූහික ගිවිසුමට මේ දක්වා අත්සන් කර නැහැ. හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති අතර වසර දෙකකට වරක් මෙම ගිවිසුමට අත්සන් තැබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි මාසයේදී ඊට අත්සන් තැබිය යුතු නමුත් එය ප්‍රමාද වී ඇත්තේ වැටුප ඉහල දමන ප්‍රතිශතය පිළිබඳව දෙපාර්ශවය අතර මෙතෙක් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්.



(ඡායාරූප- රංජිත් රාජපක්ෂ)



Update : Thursday, September 29, 2016 13.27
------------------------------------------------------------

තම දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් හතරවන දිනටත් අද විරෝධතාවයේ නිරතවනවා.

හැටන්, දික්ඔය, මස්කෙළිය, බගවන්තලාව, කාසල්රී සහ නුවරඑළිය යන ප්‍රදේශවල වතු කම්කරුවන් අද උදෑසනත් පැයක පමණ කාලයක් විරෝධතාවක නිරතවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලබුකැලේ ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් නුවරඑළිය - මහනුවර මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවී තිබෙනවා.