බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Thursday, 29 September 2016 - 11:19

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 09 දෙනා ඔක්තෝම්බර් මස 13 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

කෝටිපති රෙදිපිළි  ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල ඇවනිව් හි පිහිටි සිය නිවස අසලදී පැහැර ගැනීමට ලක්වූයේ අගෝස්තු මස 21 වනදා රාත්‍රියේයී.

ඔහුගේ මළ සිරුර මාවනැල්ල හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී ඊට දින 03කට පසුව සොයාගත්තා.