හංවැල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Thursday, 29 September 2016 - 11:48

%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කුරුණෑගල - වීරඹුගෙදර - හංවැල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ ඥාති නිවසක පැවති දානමය පුණ්‍යකර්මකට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මොවුන්  දෙදෙනා මෙම අනතුරට මුහුණපා ඇති බවයි.  

මෙලෙස දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල - ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සහ 23 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.