මෙගී සුළි කුණාටුවෙන් 32 ක් අතුරුදන්

Thursday, 29 September 2016 - 12:54

%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+32+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
නැගෙනහිර චීනයට කඩාවැදුනු මෙගී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

වැසි සමඟ සේජියාන් පළාතේ සිදුවූ නායයෑම් දෙකකින් මොවුන් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දැවැන්ත කන්දක් නාය යාමට ලක්ව ඇති අතර එහි තිබු නිවාසවල සිටි පිරිසකුයි මෙලෙස අතුරුදන්වී ඇත්තේ.

ඔවුන්ගේ නිවාසවල සුන්බුන් කඳු පාමුල ඇති බව චීන බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

පළමුව තායිවානයට බලපෑ මෙගී සුළි කුණාටුව අනතුරුව චීනයට ඇතුලූවුණේ එරට දකුණු දිග ප්‍රදේශයෙන්.

මේ හේතුවෙන් දකුණු දිග චීනයේ ෆූජියාන් පළාතේ පමණක් ගං වතුර නිසා මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. 

මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඇඩිලේඞ් හි විදුලි සැපයුම ඇණහිට තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 80 000 කට පමණ බලපෑම් එල්ලවී ඇති අතර, රෝහල්වල මෙන්ම ජනතාවගේ දෛනික කටයුතු ද අඩපණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.