ලොවේ තෙල් මිල ඉහළයාමෙන් අපේ තෙල් මිලේ සිදුවන වෙනස මෙන්න ?

Thursday, 29 September 2016 - 13:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%3F
ලෝක වෙලඳපොලේ බොර තෙල් බැරලයක මිල සියයට 6 කින් ඉහළ දැමීමට තෙල් නිෂ්පාදකයින් ගත් තීරණය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් සුදර්මා කරුණාරත්න සඳහන් කළේ මෙය මෙරට ආර්ථිකයට අහිතකර අන්දමින් බලපානු ඇති බවයි.

ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය වසර අටකින් පසු අඩු කිරීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් බැරලයක මිල සියයට 6 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව දිනක බොරතෙල් නිෂ්පාදනයෙන් ලක්ෂ හතක බැරල් ප්‍රමාණයක් අඩුකිරීමටයි ඔපෙක් සංවිධානය පියවර ගෙන ඇත්තේ.

මේ අනුව දැනට වඩා වැඩි මුදලකට බොරතෙල් බැරලයක් මිලදී ගැනීමට සිදුවනු ඇති බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න සඳහන් කළා.

කෙසේ වෙතත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ඇය අවධාරණය කළේ.