ලසන්ත ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි

Thursday, 29 September 2016 - 14:17

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද (29) පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අද (29) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු දැක්වීමත් සමඟ ඇප ලබානොදීමට අධිකරණය පියවර ගෙන ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සැකකරු විශේෂ වරප්‍රසාද මත ජර්මනියේ තානාපති සේවයටද යොමුකර සිටි බවයි.

එමෙන්ම, මොහු යුද හමුදාවේ සේවය කරන අවස්ථාවේදී ආයුධ නිකුත් කිරීමේදීද ගැටලූ රැසක් මතුව තිබෙනවා.

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ලසන්ත වික්‍රමතුංගගේ දේහය පසුගිය අගහරුවාදා යළි ගොඩ ගැණුනා.

මෝටර් රථයක ගමන් කරමින් සිටියදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වැනිදායි.