කැලෑ - කුඹුරු ගිනි තබන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - ජනපතිගෙන් නියෝග

Thursday, 29 September 2016 - 18:06

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කැලෑ ගිනි තැබීම් සහ කුඹුරු ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර සංක්‍රමණික ගැටලුව මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද පස්වරුවේ බත්තරමුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම ගැටලුව විසඳාගැනීම සඳහා නව නීති සම්පාදනය පිළිබඳවද අවධානය යොමුව ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල - සුහුරුපාය නව ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.