අගමැති නවසීලන්තයට

Thursday, 29 September 2016 - 18:07

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) නවසීලන්තය බලා පිටත්ව ගියා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ගේ ආරාධනාවකට අනුවයි අග්‍රාමාත්‍යවරයා නවසීලන්තය බලා පිටත්ව ගියේ.

ඔක්තෝම්බර් පළමුවැනිදා නවසීලන්තයේ -  ඕක්ලන්ඞ් නුවර රාජ්‍ය මන්දිරයේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වෙනු ඇති.

මෙරට අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදුකරන පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලෙස මෙය හැදින්විය හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.