විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳ නිදහස් පක්ෂයේ අවධානය

Thursday, 29 September 2016 - 18:10

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
උතුර පළාත් ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නෙශ්වරන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ සැලකිමේදී එවැනි ප්‍රධාන අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නව ව්‍යවස්ථා සංශෝධනයේදී අවධානය යොමු කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මේ බව කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වු අමාත්‍ය මහින්ද සමරසිංහ සදහන් කළේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් උතුරේ මහ ඇමතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළබල නොවිය යුතු බවයි.

විනිසුවරුන් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර පිළිබදව සහ ඔවුන්ගේ දුරකතනවලට රහසිගතව සවන්දීම පිළිබඳව ශ්‍රි ලංකා නිතිඥ සංගමය හෙළි කළ කරුණු සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරුන් දෙදෙනාම පිළිතුරු ලබා දුන් අතර ඔවුන් කියා සිටියේ එවැනි දේ සිදු වන්නේ නම් විමර්ශනයක් කළ යුතු බවයි.