වැට් කෙටුම්පතේ දින අවුල ලිහේ - ලබන සතියේ පාර්ලිමේන්තුවට

Thursday, 29 September 2016 - 18:16

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%9A+-+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ටියුෂන් තමන්ට අවශ්‍ය නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (29) ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැට් බද්දට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා මතුකළ කරුණ පිළිබඳවද මුදල් අමාත්‍යවරයා අදහස් පළ කළා.

මේ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවද වැට් සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

එහි සඳහන් වූයේ සාමාන්‍ය රජයේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ සෑම සතියකම සිකුරාදා දිනයේ බවයි.

එදින සිට ඊළඟ සිකුරාදා දිනය වනතෙක් එහි අතිරේක ප්‍රකාශයට පත්කරනු ලබනවා.

එබැවින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත 2016.09.09 වන දින ගැසට් පත්‍රයේ, 2016.09.13 වන දින අතිරේකයේ පළ වී තිබූ බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දිනය වශයෙන් සැලකිය යුත්තේ 2016.09.13 වන දිනය බව එමඟින් තවදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, ලබන වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ඒ අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටියේ ඉදිරි අයවැය මැතිවරණ ඉලක්ක කර ගනිමින් සකස් කෙරෙන අයවැයක්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දැක්වු මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ මැතිවරණ ඉලක්ක කරගනිමින් අයවැය යෝජනා සකස් නොකරන බවයි.

එමෙන්ම, ලබන වසරේදී අයවැය පරතරය 4.7% ක අගයක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී අවධාරණය කළා.