ස්වාධීන වන්නේ ජනප්‍රිය වන්නද ? නලින් බණ්ඩාරගෙන් දයාසිරිට ප්‍රශ්නයක්

Friday, 30 September 2016 - 7:51

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF+%3F+%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තමන්ට නැති වී ගිය ජනප්‍රසාදය නැවත ලබාගැනීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ දූෂිත පුද්ගලයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවන්නේ නම් තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.

ඊට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ දූෂිතයන්ගෙන් පිරි මහින්ද රාජපක්ෂ රජයට එකතු වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා, වර්තමානයේ ඔහුට තිබෙන ජනප්‍රසාදය හීනවෙමින් යන නිසා මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි.