ජයලලිතා අද ගෙදර යන ලකුණු

Friday, 30 September 2016 - 8:22

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සතියකට අධික කාලයක් චෙන්නායි නුවර ප්‍රකට රෝහලක ප්‍රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් අද (30) දිනයේදී නැවතත් සිය නිවස බලා පැමිණෙනු ඇතැයි ඇයගේ පාක්ෂිකයන් අපේක්ෂා පළ කරනවා.

උණ සහ විජලනය හේතුවෙන් රෝහල් ගත කෙරුණු 68 හැවිරිදි ජයලලිතාගේ තත්ත්වය බරපතල බවටත්, ඇය වෙනත් රටක ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතු බවටත් පැතිරුණු ප්‍රචාරය අසත්‍ය බව ඇය ප්‍රතිකාර ලැබූ රෝහල නිවේදනය කළා.

එමඟින් සඳහන් කර ඇත්තේ ජයලලිතා ප්‍රතිකාර සඳහා නිසි ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි.

කෙසේ නමුත්, තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂ නායක රාම්දාස් කියා සිටියේ ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරන ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ප්‍රාන්ත රජය මගින් නිකුත් කළ යුතු බවයි.