බංග්ලාදේශ නාවික හමුදාවේ නෞකා දෙකක් කොළඹ වරායේ

Friday, 30 September 2016 - 8:27

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් පුහුණු නෞකා දෙකක් සුහද චාරිකාවක් සඳහා කොළඹ වරායට ඊයේ (29) ළඟා වුණා.

සොමුද්‍ර අවිජාන් සහ සුමුද්‍ර ජෝයි නැමැති මෙම නෞකා දෙකෙහි බංග්ලාදේශ පුහුණු නෞකා සෙබළුන් සහ නිලධාරීන් ඇතුළු 511 දෙනෙකු සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ ඔවුන් වෙරළ පිරිසිදු කිරීම්, විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ සංස්කෘතික වැඩසටහන්වලට සහභාගි වන අතර, මෙරට නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවලද නිරත වනු ඇති.

බංග්ලාදේශ නෞකා දෙක ඔක්තෝම්බර් 04 වනදා කොළඹ වරායෙන් නික්මී ඔක්තෝම්බර් 09 වනදා වනවිට නැවතත් බංග්ලාදේශය වෙත ළඟාවීමට නියමිතයි.