ජර්මන් සත්වෝද්‍යානයෙන් පැනගිය සිංහයාට වෙඩි තබයි

Friday, 30 September 2016 - 8:29

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ජර්මනියේ ලයිප්සිග් සත්වෝද්‍යානයේ ආරක්ෂිත සිංහ කූඩුවෙන් ඉවතට පැනගිය සිංහයන් දෙදෙනෙකු අතුරෙන් එක් සිංහයෙකු සත්වෝද්‍යාන බලධාරීන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (29) ඇතිවු මෙම සිද්ධියේදී සත්වෝද්‍යාන නිලධාරීන් එක් සිංහයෙකු නැවත කූඩුව වෙත යොමු කිරීමට සමත් වුණා.

එහෙත් අනෙක් සිංහයා නිර්වින්දනය කිරීමට යාමේදී කලබලයට පත්වී ඇති අතර, පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා වෙඩි තැබීමට සිදුවූ බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

නැමීබියාවෙන් රැගෙන ආ මෙම සිංහයන් දෙදෙනා ස්විට්සර්ලන්තයේ බසෙල් නුවර සිට ජර්මනියේ ලයිප්සිග් සත්වෝද්‍යානයට රැගෙනවිත් ඇත්තේ පසුගිය මාසයේදීයි.

මීට පෙර අවසන් වරට මෙම සත්වෝද්‍යානයෙන් සිංහයන් පැනගොස් ඇත්තේ 1913 වසරේදීයි.

එහිදී එම සිංහයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.