ඉල්ලීම් දිනා ගැනීමට මඩ නාගත් සුරූපිණිය (ඡායාරූප)

Friday, 30 September 2016 - 10:05

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%A9+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම ගම් ප්‍රදේශයේ අබලන් වු මහාමාර්ග පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරවීම වෙනුවෙන් නිරූපන ශිල්පිණියක් ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳ  විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඒ ස්නානය කිරීමේදී කාන්තාවන් පළඳින හිස් වැස්මකින් සහ දිය රෙද්දකින් සැරසුනු මෙම නිරූපණ ශිල්පිණිය මාර්ගයේ මඩවල්වල බැස ස්නානය කිරීමෙනුයි.

තායිලන්තයේ ටාක් ප්‍රදේශයේ කැඩී බිඳී ගිය මං මාවත් පිළිසකර කිරීමට බලධාරීන්ගෙන් කල ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හමුවේ ඇය මෙම පියවර ගෙන තිබෙනවා.

තරුණිය දිය නෑමට යොදාගත් මඩ වලවල් මාර්ග අනතුරු රැසකට ද හේතුවු ඒවා බව සඳහන්.

ඇය දිය නෑමේදී ලබාගත් ඡායාරූප තායිලන්තයේ සහ චීනයේ සමාජ මාධ්‍ය ජාලාවල ඉහළ ජනප්‍රියතාවක් ද හිමිකරගෙන තිබෙනවා.

නිරූපණ ශිල්පිණියගේ විරෝධතාවට සමගාමිව තායිලන්තයේ ප්‍රදේශ රැසක කාන්තාවන් ද මෙම විරෝධතාවට එක්ව ඇතැයි සඳහන්.

ඔවුන්ගේ විරෝධතාව හමුවේ බලධාරීන් පොරොන්දු  වී ඇත්තේ පවතින වර්ෂා තත්වය අවසන් වීමෙන් පසු මෙම මාර්ග පිළිසකර කර දෙන බවයි.