කුරුණෑගල රිය අනතුරකින් මව සහ පුතු මරුට

Friday, 30 September 2016 - 10:54

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - කුරුණෑගල මාර්ගයේ කුරුණෑගල - වදුරාගල විහාරස්ථානය අසල ඊයේ සිදුවු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

කුරුණෑගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක, බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.  

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්ගත් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක මවක සහ අවුරුදු 28 ක පුත්‍රයායී.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.