අගමැති නවසීලන්තයට ළඟාවෙයි

Friday, 30 September 2016 - 12:12

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා නවසීලන්තය බලා ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දුත පිරිස  ඕක්ලන්ඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද පෙරවරුවේ  ළඟාවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුලූ පිරිස එහිදී පිළිගනු ලැබුවේ නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නේතන් ගයි විසින්.

එම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටන් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැළසුම් සහ ජලසම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලූ පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නවසීලන්ත සංචාරයට එක්ව සිටිනවා.