ජල ගාස්තු ඉහළ යන ලකුණු

Friday, 30 September 2016 - 12:17

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉදිරියේදී ජල ගාස්තු වැඩිකිරීමට සිදුවන බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් ප්‍රකාශ කළා.

ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ඇතැම් ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කිරීමට ඉඩ ඇති බවයි.

මේ වනවිටත් ඇතැම් ආයෝජන කලාපවලට ජල සැපයුම සීමාකිරීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.