අදත් වතු කම්කරුවන් උද්ඝෝෂණයේ (ඡායාරූප)

Friday, 30 September 2016 - 12:47

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් අද 4 වන දිනටත් උද්ඝෝෂණයේ නිරත වුණා.

වතුකරයේ ස්ථාන කිහිපයක පැවති විරෝධතා හේතුවෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

හැටන් - මස්කෙලිය, කොටගල - තලවකැළේ මෙන්ම හැටන් - ගිනිගත්හේන මාර්ග ද උද්ඝෝෂණ හේතුවෙන් විටින් විට අවහිර වී තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 675 දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකඟ වී ඇති අතර එය තමන්ට ප්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණවලට එක්වූ වතු කම්කරුවන් ප්‍රකාශ කළේ.






ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ