බඳගිරියේ තරුණයා ඇතුලූ සිව්දෙනාට ඇප

Friday, 30 September 2016 - 12:53

%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වී පසුව පොලීසියට භාරවූ හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ තරුණයා, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග  කළා.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් නියම කල අතර ඇපකරුවන් පවුලේ ඥාතීන් නොවිය යුතු බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම හතරවන විත්තිකරු හැර අනෙක් තුන්දෙනා සෑම ඉරිදා දිනයකම පෙරවරු 9 ත් 12 ත් අතර තිස්මහාරාම පොලිසියේ පෙනී සිටිය යුතු අතර ඔවුන් හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයෙන් පිටට යන්නේ නම් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයෙන් අවසර ලබාගත යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියම කල බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

සිද්ධියට අදාළ නඩු විභාගය ලබන මස 26 වනදා යළි කැඳවීමට නියමිතයි.