වන අලි නිසා ඇඹිලිපිටිය රත් වෙයි - අලි පහරදීමෙන් අයෙක් මරුට

Friday, 30 September 2016 - 18:58

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇඹිලිපිටිය - මොරකැටිය ප්‍රදේශයට අද අලූයම පැමිණි වන අලි දෙදෙනෙකු ප්‍රදේශය පුරා සැරි සරමින් ජන ජීවිතයට මේ වන විටත් දැඩි බලපෑම් එල්ල කරමින් සිටිනවා.

වන අලියෙකු සිදුකළ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම අලි දෙදෙනා උඩවලව වන උද්‍යානයේ සිට පැමිණ ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේ වෙතත්, තවමත් වන අලි දෙදෙනා පලවා හැරීමට වනජීවි නිලධාරීන්ට හැකියාවක් ලැබී නැහැ.