කුලියාපිටියේ පියෙකු පාසලකට පැන, 4 වසරේ දරුවෙකුට අතින්, පයින් පහර දෙයි

Friday, 30 September 2016 - 19:12

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%2C+4+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කුලියාපිටිය - ශාන්ත ජෝසප්  පිරිමි විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 9 හැවිරිදි පාසල් දරුවෙකුට අතින් පයින් පහර දුන් බව කියන එම පාසලේම සිසුවෙකුගේ පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කුලියාපිටිය පොලීසිය සදහන් කළේ සැකකාර පුද්ගලයා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

පෙරේදා පස්වරුවේ විද්‍යාල පරිශ්‍රයේදී අදාළ පහරදීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ සිසුවා පසුව කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිසුන් දෙදෙනෙකු සැකකරුගේ පුතුට කළ පහරදීමක් හේතුවෙනුයි ඔහු පාසලට පැමිණ මෙම සිසුවාට පහර දී ඇත්තේ.