හසලක පොලිසියේදී හිරු මාධ්‍යවේදියාට තර්ජනය කළ වැලි ජාවාරම්කරුවන් ගැන පරීක්ෂණයක්

Saturday, 01 October 2016 - 7:01

%E0%B7%84%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී වැලි ජවාරම් හේතුවෙන් මහියංගන - වේරගංතොට පාලම අවධානමට ලක්ව ඇති බව වාර්තා කළ, හිරු මහියංගන ප්‍රාදේශීය මාධ්‍යවේදියාට වැලි ජාවාරම්කරුවන් විසින් හසලක පොලිස් භූමිය තුළදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

වැලි ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් හා බැකෝ යන්ත්‍ර මහවැලි ගඟට බස්සවා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මහා පරිමාණයෙන් වැලි ගොඩදමන අයුරු හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය 21 වැනිදා මුල්වරට හෙළිකළා.

ඒ හේතුවෙන් මහියංගන - වේරගංතොට පාලමද දැඩි අවධානමකට ලක්ව ඇති බව අප එහිදී පෙන්වා දුන්නා.

වැලි ජාවාරම්කරුවන් අනතුරුව මහියංගන හිරු වාර්තාකරුට එරෙහිව හසලක පොලිසියට පෙත්සමක් යොමුකර තිබූ අතර, එය විභාග කිරීමට පසුගිය 26 වැනිදා හිරු මාධ්‍යවේදියාව පොලිසියට කැඳවා තිබුණා.

පොලිසිය වැලි ජාවාරම්කරුවන් සියලු දෙනාටද එම අවස්ථාවේදී සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබූ අතර, පොලිස් පරිශ්‍රය තුළදී වැලි ජාවාරම්කරුවන් හිරු මාධ්‍යවේදියාට තර්ජනය කර තිබුණා.