පාකිස්තානය සාක් සමුළුව කල් දමයි

Saturday, 01 October 2016 - 9:34

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
19 වන සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දැමීමට මෙවර එහි සත්කාරක රට වන පාකිස්තානය තීරණය කර තිබෙනවා.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සමුළුව පැවැත්වෙන නව දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

19 වන සාක් සමුළුව ලබන නොවැම්බර් මස 9 වන දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඊට සහභාගි නොවන බව ඉන්දියාව, ප්‍රකාශයට පත් කළ අතර, සමුළුවට සහභාගි විය නොහැකි බව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය ද සාක් සංවිධානයේ වර්තමාන සභාපති ධුරය හිමි නේපාලයට දැනුම් දී තිබෙනවා.

සාක් සමුළුව පැවැත්වීමට සුදුසු පසුබිමක් මේ වන විට නොමැති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ද ඊයේ නිවේදනය කළා.