පාකිස්තානයේ තහනම් වන චිත්‍රපට මෙන්න

Saturday, 01 October 2016 - 8:07

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දියාවේ නිෂ්පාදිත කිසිදු චිත්‍රපටයක් පාකිස්තානය තුළ ප්‍රදර්ශනය නොකිරීමට එරට ප්‍රධාන පෙළේ සිනමා ශාලා මගින් තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය හමුදා තර්ජන මධ්‍යයේ පාකිස්තාන ආරක්ෂක අංශ වෙත සහෝදරත්වය පළ කිරීමේ පියවරක් වශයෙන්.

මේ අනුව ලාහෝර්, කරච්චි සහ ඉස්ලාමාබාද් නගරවල බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය නතර වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම පියවරට ඉන්දීය සිනමා නිෂ්පාදකයන්ගේ සම්මේලනය පාකිස්තාන නළු නිළියන් බොලිවුඩ් චිත්‍රපටවල රගපෑම වළක්වාලීම ද හේතු වී තිබෙනවා.

ඉන්දියාවේ එක් ජාතිකවාදී දේශපාලනඥයෙක් පාකිස්තාන සිනමා ශිල්පීන්ට ඉන්දියාවෙන් නික්මෙන ලෙස තර්ජනයක් ද එල්ල කළා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය දෙරට අතර සංස්කෘතික සබදතාවලට මෙතරම් බලපෑමක් එල්ල කර ඇත්තේ ප්‍රථම වතාවටයි.