සුන්බුන් අතර සිරවී බේරාගත් බිලිඳියට නැවත ජීවිතය ලැබුණු සංවේදී අවස්ථාව

Saturday, 01 October 2016 - 10:14

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
සිරියාවේ Idlib නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් අනතුරුව සුන්බුන් අතර සිරවී සිටි බිලිඳියක් බේරාගත් අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එහිදී ගලවාගැනීමේ මෙහෙයුමේ නිලධාරියා විසින් කඳුළු සලමින් බිලිඳිය ගිලන් රථය වෙත රැඟෙන එන අයුරු අදාල වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ඔහු පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම බිලිඳිය සොයාගන්නා අවස්ථාවේ සිහිමුර්ජා වී සිටි බවත් තමන් විසින් දැරිය ඔසවාගන්නා අවස්ථාවේ ඇයට නැවත සිහිය පැමිණි බවත්ය.

එහිදී තමන් දෙවියන්ට යාඥා කළ බවයි Abu-Kifah නම් මෙම සිවිල් ආරක්ෂක සෙබලා ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ ප්‍රහාරයෙන් පසුව මෙම බිලිඳියගේ පවුලේ සියල්ලන් බේරාගැනීමට හැකි වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එම සංවේදී අවස්ථාව පහතින්.