ගැටළු ඇති වන්නේ නම්, විහාර දේවාලගම් පනත වෙනස් නොකළ යුතු බව මල්වතු මහනාහිමියන් කියයි

Saturday, 01 October 2016 - 13:02

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විහාර දේවාලගම් පනත වෙනස් කිරීමේදී සංඝයා වහන්සේලා ඇතුළු සමාජයේ විවිධ පාර්ශවවලින් ගැටළු මතු කරන්නේ නම්, එය වෙනස් නොකර සිටීම වඩා වැදගත් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසනවා.

අද පෙරවරුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මල්වතු මහනාහිමියන් බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මල්වතු මහනාහිමියන් වෙත ව්‍යවස්ථාවේ සිදුකරන වෙනස්කම් පිළිබදව අදහස් පළ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර දේවාලගම් පනතට අදාළව වෙනස්කිරීම් සිදුකරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සංඝයා වහන්සේ ඇතුළු සියලූ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබා ගැනීමට සූදානම් බවයි.

දියවඩන නිළමේ තෝරා ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයක් පවතින්නේ නම් විහාර දේවාලගම් පනත සංශෝධනය නොකළ යුතු බව ද අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් සඳහන් කලා.

අනතුරුව යළි මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කළේ මීට පෙර පනතට අදාළ සංශෝධන සිදු කිරීමේදී කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි.

පසුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සූදානම් කරගත් පරිදි ලබන 4 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරය වෙත යනු ලැබුවේ විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් දැනුවත් කිරීම සඳහායි.

කෙසේ වෙතත් එම හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් හිමි නොවූ බව හිරු වාර්තාකරු කියා සිටියා.