බදුල්ලේ කැළෑ ගිනි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට

Saturday, 01 October 2016 - 14:44

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%91+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බදුල්ල - හාලිඇල - ක්වීන්ස් ටවුන් වත්තේ කුඩා වැවක් ආශ්‍රිත කැළයක් ගිනි තබමින් සිටි එම වත්තේම පදිංචි පුද්ගලයෙකු ඌව දිසා පොලිස් වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කළ සෝදිසියකදී මෙම සැකකරු ගිනි පෙට්ටියක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, බදුල්ල, කන්දකැටිය, සොරණාතොට, වැලිමඩ, මීගහකිවුල, පස්සර, ලූණුගල, රිදීමාලියද්ද, ඌව පරණගම, හපුතලේ, හල්දුම්මුල්ල යන ප්‍රදේශවල පසුගිය කාලය තුළ කැළෑ ගිනි තැබීමේ සිද්ධීන් 100ක් පමණ වාර්තා වී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ප්‍රකාශ කළේ.

මීට පෙර ඇල්ල හා පස්සර පොලීසි මගින් කැලෑ ගිනි තැබූ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.